28.4 C
Colombo
Friday, November 22, 2024

හයිටි අගමැති ඉවත් කෙරේ

- Advertisement -

හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක කවුන්සිලය සියවර ගෙන තිබෙනවා.

ඔහුව එම ධුරයට පත්කෙරුණේ 2024 ජුනි 03 වනදා යි.

එම කවුන්සිලයේ සාමාජිකයින් 9 දෙනාගෙන් 8 දෙනෙකුගේ අත්සන් සහිතව ඒ සඳහා නියෝගයක් නිකුත්කර තිබුණා.

කොනීල් වෙනුවට ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන හයිටි සෙනෙට් අපේක්ෂකයෙක් වන ඇලික්ස් ඩිඩියර් ව පත්කර තිබෙනවා.

එරට ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයකට පත්කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිලධාරියෙක් වන කොනීල් ව හයිටියේ අගමැති ලෙස පත්කරනු ලැබුවා.

එරට වීථි ගැටුම් සහ විවිධ සන්නද්ධ කල්ලි අතර ඇතිවූ ගැටුම් ව්‍යාප්ත වීම හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු විසඳීමේ අරමුණකින් බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවා.

ඒ ඔස්සේ 2016ට පසු එරට ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සුදුසු පරිසරය නිර්මාණය කිරීම ඔහුට පැවරුනු ප්‍රධානතම වගකීමක්.

එහෙත් ඔහු එහිදී අසාර්ථක වුණා.

කෙසේ වෙතත්, කොනීල් පවසන්නේ තමාව එම ධුරයෙන් අස්කිරීම නීතිවිරෝධී බවත්, එමගින් හයිටි යේ අනාගතය තවත් ගැටලුකාරී වනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

සිරිකොත අසළ උණුසුම් තත්වයක්

එක්සත් ජාතික පක්ෂයේ අරටුව සංවිධානය ,එක්සත් ජාතික පක්ෂය නැවත නඟා සිටුවීම පිණිස ව්‍යාපෘතියක් භාරදීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා. මෙම සංදේශය හිටපු ජනාධිපති රනිල්...

අධිකරණ නියෝගයකින් ප්‍රථම වතාවට නිධානයක් හාරලා

වේයන්ගොඩ - වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට අයත් ස්ථානයක ඇති ජනප්‍රවාදයේ සඳහන් නිධානයක් අධිකරණ නියෝගයක් ප්‍රකාරව මෙරට පළමු වරට නිධානයක් ගොඩ නැගීමට කටයුතු කරමින් තිබෙනවා. මෙම...

පිල්ලෙයාන් අදත් CIDයට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (22) දිනයේත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES