ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසනවා.
ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හමාස් සංවිධානය පවසා ඇත්තේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සලාහ් අල්-බර්ඩවීල් නම් අයෙකු සහ ඔහුගේ බිරිඳ වන බවයි.
මේ අතර ගාසා තීරය වෙත ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බව ඊශ්‍රායලය අනතුරු අඟවා තිබුණා.
ඒ අනුව, ඊශ්‍රායලය ගාසා තීරයේ තුර්කි – පලස්තීන මිත්‍රත්ව රෝහල ඉලක්ක කරමින් දැවැන්ත ගුවන්ප්‍රහාරයක් ද එල්ල කළා.
විශේෂයෙන් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙන් වූ මෙම රෝහල සැලකෙන්නේ ගාසා තීරයේ විශාලතම රෝහල ලෙසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගාසාහි සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් ප්‍රහාර දියත් කිරීම ඊශ්‍රායලයේ සැලසුම් වී ඇති බවයි.