22 C
Colombo
Wednesday, December 25, 2024

හඳුන්නෙත්තිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

- Advertisement -

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ රුව සහ නම යොදාගෙන ව්‍යාජ වට්සැප් අංකයක් ඔස්සේ පුද්ගලයෙකු විදින් සිදුකරමින් යන මුදල් වංචාවක් පිළිබඳ අමාත්‍යවරයා අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තමා හෝ ඇමතිවරු කිසිවකු මෙලෙස මුදල් ඉල්ලා නොමැති බව පැවසු හඳුන්නෙත්ති මහතා එලෙස මුදල් ලබා දුන් කෙනෙක් සිටිනම් දැනුවත් කරන ලෙසද අවධාරණය කර සිටියා.

“මගේ නම පාවිච්චි කරලා මම හැටියටම පෙනී ඉන්න පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විදේශ රටවල් කිහිපයක මගේ නමින් ආධාර එකතු කරන්න පටන් ගෙන. විශේෂයෙන් වට්ස්ඇප් ගෲප් පාවිච්චි කරනවා. ජපානයේ, දකුණු කොරියාවේ, එංගලන්තයේ වගේ රටවල අපිට හිතවත් අයට කතා කරලා තියෙනවා.” 

“පළවෙනි තත්පර කිහිපයේ වීඩියෝ කෝල් එකකුත් ගන්නවා. අපැහැදිලි ලෙස… අසනීපයි කියලා, කටහඬ අපැහැදිලි කියලා. ඔහු කියන්නේ ආධාර ලබාදෙන්න කියලා. ඒ වෙනුවෙන් ඔවුන් බැංකු ගිණුම් කිහිපයකුත් ඉදිරිපත් කරලා තියෙනවා.” 

“අපිට දැනගන්න ලැබුණු තොරතුරු තමයි මේ තියෙන්නේ. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ තොරතුරු ලබාදුන්නා.” 

“රටේ ජනතාවගෙන් සහ විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ මම හෝ අපේ මන්ත්‍රීවරු, ඇමතිවරු කිසිම කෙනෙක් මේ ආකාරයට කතා කරලා මුදල් ඉල්ලන්නේ නැහැ. එහෙම ඉල්ලනවා නම් වගකිවයුතු සංවිධාන හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මෙවැනි මුදල් ගෙවීම් කිසිම ආකාරයකින් ගෙවන්න එපා.”

“මොකද අපිට ආදරය අය, රටට ආදරය අය මේ ආකාරයේ මුදල් ගෙවීම් කරනවා ඇති. එහෙත් මේක අපරාධයක්.”

“අදාළ පුද්ගලයා බය නැතුව මේ දේ කරනවා.. වීඩියෝ කෝල් එකකුත් ඔහු ගන්නේ ඒකයි. ජනවාරි 5 වනදා විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා පාක්ෂිකයින් සමග සූම් තාක්ෂණය ඔස්සේ සුහද ජන හමුවක් පවත්වන බවටත් පණිවුඩයක් ප්‍රචාරය කරලා. එහි මගේ අත්සන පාවිච්චි කර තිබෙනවා. සීල් එක, ලිපි ශීර්ෂය, මගේ පින්තූර සියල්ල පාවිච්චි කරලා. ඔහු පාවිච්චි කරපු දුරකථන අංකය තමයි 0743 86 87 28.”

“අපි වගේ මහජන නියෝජිතයන්වත් මේ විදියට පාවිච්චි කරනවා නම් සාමාන්‍ය මිනිස්සුන්ව කොච්චර අපහසුතාවයට පත් කරනවා ඇද්ද?. දන්න කියන කෙනෙක් වෙන්නත් පුළුවන්… නොදන්න කෙනෙක් වෙන්නත් පුළුවන්.  ඒත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අපි දන්න අයට තමයි කතා කරලා තියෙන්නේ. අනෙක් අයටත් කතා කරලා මුදල් එකතු කරලා වෙන්න පුළුවන්. අපිට වාර්තා වෙලා නැහැ.”

RECENT ARTICLES - SINHALA

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 101ක් – 60ක් මරුට

2024 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 101ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණ කරනවා. ඒ අතරින් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස්...

මියන්මාර සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුරට

මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගසාගෙන ආ බෝට්ටුවේ සිටි මියන්මාර ජාතික සරණාගතයින් 103 දෙනා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන විත් තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක...

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES