ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා.
ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා.
2025 ජනවාරි 15 දින සිට මෙම අධ්‍යක්ෂ මණ්ඩල සංශෝධනය බලපැවැත්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
2025 ජනවාරි 15 දින සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත්කෙරුණා.
ඊට අදාළ පත්වීම් ලිපිය පිරිනැමුණේ පසුගිය වසරේ නොවැම්බර් 01වන දිනයි.
හාන්ස් විජයසූරිය මහතා මින් පෙර ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළා.