27 C
Colombo
Monday, October 7, 2024

හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

- Advertisement -

කප්පම් ලබානොදීමේ සිද්ධියක් මුල්කරගෙන හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පසුගිය 30 වනදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (7) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 31 හැවිරිදි යුද හමුදාවේ විශේෂ බලකායේ හිටපු සෙබළෙක්.

කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස අසලට යතුරුපැදියකින් පැමිණ පසුව පා ගමනින් පැමිණ ඊට යාබදව තිබෙන කැලෑවක් සහිත ඉඩමේ සැඟව සිට ව්‍යාපාරිකයා ආලින්දයට පැමිණ පුටුවේ වාඩි වී සිටියදී නිවසට දකුණු පසින් තිබෙන අඩි හතක පමණ උස තාප්පයෙන් වත්තට පැන ව්‍යාපාරිකයාට වෙඩි තබා ඔහු පැළඳ සිටි පවුම් පහක පමණ රන්මාලයද කොල්ලකා පා ගමනින්ම පලා ගිය බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී  අනාවරණය වු බව පොලිසිය පවසනවා.

ඩුබායිහී සැඟව සිටින ලලිත් කන්නංගර නමැති පාතාල කල්ලි සාමාජිකයා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවත් මේ සමගම ඔහු කප්පම් ඉල්ලූ ව්‍යාපාරිකයන් පිරිසක් එම ප්‍රදේශයේ නිවෙස් අතහැර ගොස් ඇති බවත් පොලීසිය පවසනවා.

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවසකට 30 වනදා රාත්‍රී 8.15ට පමණ පැමිණි නාඳුනන තුවක්කුකරුවකු එහි පදිංචිව සිටි ව්‍යාපාරිකයාව ඝාතනය කළා.

වෙඩික්කරු අපරාධය සඳහා නිවසෙහි වූ තාප්පයකින් පැන පැමිණෙන අයුරු සහ වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු පළා යන ආකාරය ද සීසීටීවී කැමරාවක සටහන්ව තිබු බවයි සඳහන් වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ වජිර නිශාන්ත නමැති 55 හැවිරිදි ව්‍යාපාරිකයා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බව පොලීසිය පවසනවා.

මියගිය පුද්ගලයාගේ නිවසට 2021 වසරේ ද වෙඩි තබා ඇති අතර ඔහුගේ ව්‍යාපාරික ස්ථානයකට ද ගිනි තබා තිබෙනවා.

ලලිත් කන්නංගර නමැත්තා මීට පෙර අවස්ථා ගණනාවකදීම ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා ඇති අතර එම මුදල් ලබානොදීම නිසා ඔහුට හා පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ .

අවසන් කාලයේදී අදාළ ව්‍යාපාරිකයා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ලලිත් කන්නංගර නමැත්තා ඊට උරණව සිට ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ලලිත් කන්නංගර බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කිරීමට කොළඹට පැමිණි මුල් අවධියේ ඔහුව සිය නිවසේ රඳවාගෙන උදව් උපකාර කරනු ලැබ ඇත්තේද ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා විසින්.

එමෙන්ම අදාළ පුද්ගලයාට රියදුරු බලපත්‍රය ද සකස්කර දී ඇත්තේ, ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා බව පොලීසිය සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

ඉතිහාසයේ පළමු වරට CID මුල් පුටුවට කාන්තාවක්?

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයට කාන්තා නිලධාරිනියක් පත්කිරීමට යෝජනා වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය...

අලුත් පොලිස්පති වැඩට බැහැලා

පොලීසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත කැඳවීමක් නොලැබුණේ නම්, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙස පොලීසිය දැනුම්දී තිබෙනවා. www.telligp.police.lk...

නෙළුම් කුලුනෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවයි.

POPULAR ARTICLES

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...