ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ තමාට වෙන්වූ කාර්යාල කාමරය පාවිච්චි කරන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාට පවසා තිබෙනවා
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට ද දැනුම් දී තිබෙන්නේ තමා සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන හෙයින් එම අමාත්‍යංශයේ සිට අදාල රාජකාරී කටයුතු සිදුකරන බවයි.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලී පදනම මත පවත්වාගෙන ගිය ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයට මසකට රුපියල් ලක්ෂ 42ක් පමණ වැය වන හෙයින් මෙම තීරණය ගත් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ල කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැඟිල්ලේ ස්ථාපිත කිරීමෙන් වසරකට ඉතිරි වන රුපියල් කෝටි පහකට ආසන්න මුදල ක්‍රීඩා සංවර්ධන අරමුදලට බැර කරන ලෙසද ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම්දී තිබෙනවා.