29.2 C
Colombo
Friday, November 22, 2024

හරීන් අද CIDයට

- Advertisement -

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ, කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරණ සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට රැගෙනවිත් රජයේ රෝහල් වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිහ යන හිටපු අමාත්‍යවරුන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඊයේ (21) ප්‍රකාශ ලබා දුන්නා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පසුගිය රජයේ කැබිනට් මණ්ඩලයේ 18 දෙනෙකුගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

ගෝමික උඩුගමසූරියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස...

ලක්සඳ නිවාස සංකීර්ණයේ ගින්නෙන් දැඩි හානි

කොළොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (21) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් නිවාස සංකීර්ණයට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. එමෙන්ම ගින්නෙන් ඇති වූ...

IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජනවරමට පිටුපෑමක් – සජිත්

පසුගිය රජයේ ජන පීඩිත IMF ගිවිසුම වත්මන් රජය ක්‍රියාත්මක කරන බවට පැවසීම ජන වරමට පිටුපෑමක් බව සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

POPULAR ARTICLES