හිටපු සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ CH & FC සමාජ ශාලාවේදී කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා.
හරීන් ප්‍රනාන්දු මහතා ආවේගශීලීව හැසිරෙන ආකාරයත් අසභ්‍ය වචනයෙන් පිරිසකට බැණ වදින ආකාරයත් එහි දැක්වෙනවා.
අනතුරුව රැස්ව සිටි පිරිසගෙන් හූ හඬ නඟමින් හිටපු අමාත්‍යවරයාට විරෝධය එල්ල කිරීමත් සමඟ ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේවෙතත්, කුරුඳුවත්ත පොලිසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.