තමා හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ නායකත්වයෙන් යුත් සමාජ ව්‍යාපාරය සඳහා එක්වීමට සුදානම් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඉංග්‍රීසි ජාතික පුවත් පතක සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව ලබන අගෝස්තු මස වනට රටේ තත්ත්වය සලකා බලා තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී කරූ ජයසුරිය මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ව්‍යාපාරයට එක්වීමට සුදානම් බවයි ඔහු එම සාකච්ඡාවේ දී සඳහන් කර ඇත්තේ.
අමාත්‍යවරයා පවසන්නේ වික්ටර් අයිවන් සහ කරූ ජයසුරිය මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ඉතා හොඳ සංකල්පයක් බව තමා විශ්වාස කරන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පෙන්වා දී ඇත්තේ දේශපාලන කටයුතුවලින් ඉවත් වී ඊට සම්බන්ධ වීමට තමාගේ මුලික අරමුණ බවයි.