25 C
Colombo
Monday, November 18, 2024

හරිනි අගමැති ධුරයේ වැඩ අරඹයි

- Advertisement -

නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධුරයේ වැඩ භාර ගත්තා.

ඒ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

නව රජයේ 21 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වාර්තාගත මනාප ඡන්ද සංඛ්‍යාවක් සහිතව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

ඇය ලැබූ මනාප ප්‍රමාණය 655,289ක්.

එමෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාවරිය ලෙසද ඇය ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වනවා.

එමෙන්ම අගමැති ධුරයට පත්වූ තුන්වැනි කාන්තාව ලෙස ආචාර්ය හරිනි අමරසූරිය සැලකෙනවා.

RECENT ARTICLES - SINHALA

නායගිය පස්සර – බිබිල මාර්ගය ගැන දැනුම්දීමක්

පස්සර - බිබිල ප්‍රධාන මාර්ගය, පස්සර 13 කණුව ප්‍රදේශයේ නාය යාම හේතුවෙන් අද (18) අලුයම 3.00 පමණ සිට එහි වාහන ගමනා ගමනය ඇණහිට තිබෙනවා. අද...

හෙට පැය අටක ජල කප්පාදුවක්

0
අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම...

අලිරාජාගේ ව්‍යාපෘතිය පරාජය වුණා

මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 120ක් වැය කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබා ගැනීමේ ලයිකා මොබයිල් හිමිකරු අලිරාජා සුභාෂ්කරන්ගේ කුමන්ත්‍රණය ජනතාව විසින් පරාජය...

POPULAR ARTICLES