24 C
Colombo
Tuesday, January 21, 2025

සමගි ජනබලවේගය අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන හැටි හර්ෂ හෙළිකරයි

- Advertisement -

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ කොන්දේසිය අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව හර්ෂ ද සිල්වා මහතා සදහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වුවහොත් සමගි ජනබලවේගය පක්ෂය 113 කට වැඩි මන්ත්‍රී කණ්ඩායමකින් යුක්තව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන බවයි.

හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට සහ ඔහුගේ රජයට තවදුරටත් බලයේ රැඳී සිටීමට සදාචාරාත්මක හා නීත්‍යානුකූලභාවයක් නොමැති බවයි.

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ මීට පෙර කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම අදහස් පලකර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නම් නියමිත කාලයට ආණ්ඩුව පිහිටුවීමට හැකිවීම සඳහා ප්‍රධාන පක්ෂ සියල්ල නියෝජනය වන පරිදි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.

හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් දෙකක් එකතු වී නැවත වරක් ආණ්ඩුවක් පිහිටුවීමෙන් සිදුවන්නේ දැනටමත් පවතින දුර්භාග්‍යය තවදුරටත් දීර්ඝ කිරීමක් පමණක් බවයි.

RECENT ARTICLES - SINHALA

NPP මැති ඇමතිලාගේ වැටුප් එක ගිණුමකට

ජාතික ජන බලවේග රජයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා එක් ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. ඔහු...

මනූෂ CIDයට

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ආපදාවෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 6785කට අයත් පුද්ගලයින්  20,300 දෙනෙකු මේ...

POPULAR ARTICLES