26.1 C
Colombo
Sunday, November 24, 2024

කෝප් කමිටුවෙන් හර්ෂ ඉල්ලා අස්වෙයි

- Advertisement -

තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවට ඇතුළත් නොකිරීමේ හේතුව මත මෙම තීරණය ගත් බවයි.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නව කමිටුවට නම් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පාර්ලිමේන්තුව අමතමින් යෝජනා කළා.

සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ එම කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කෝප් කමිටුවෙන් ඉවත්වීමට ස්වාධීන තීරණයක් ගෙන ඇති බවයි.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මහාචාර්ය චරිත හේරත් මහතා යෝජනා කිරීමට විපක්ෂය තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා

27 දෙනෙකුගෙන් යුත් කෝප් කමිටුව කථානායකවරයා විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ අතර, එහි මහාචාර්ය චරිත හේරත්ගේ නම ඇතුළත් කර තිබුණේ නැහැ.

නව කෝප් කමිටුව පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය හේරත් මහතා තම නම ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයට, විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා.


RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට සිට දින තුනක වැඩමුළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට (25) සිට තුන්දින වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධිර මහත්මිය සඳහන් කළේ, උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා එය...

මහ ඡන්දෙට ඉදිරිපත් වුණ අපේක්ෂකයින්ට නිවේදනයක්

මහ මැතිවරණයට අදාළ ආදායම් වියදම් වාර්තා භාරදීමට අපේක්ෂකයින්ට දෙසැම්බර් 6 වැනි දා දක්වා කාලය දී තිබෙනවා. ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, දේශපාලන පක්ෂ හා ස්වාධීන...

අද කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

POPULAR ARTICLES