25 C
Colombo
Thursday, January 9, 2025

හතුවගේ පිපෙන මාධ්‍යවේදීන්ට වැට බඳිනවා- ශාන්ත බණ්ඩාර

- Advertisement -

තාක්ෂණයේ දියුණුව සමග හතු පිපෙනවා මෙන් මාධ්‍යවේදීන් බිහි වන බවත්, මෙවැනි පුද්ගලයන් නිසා සැබෑ මාධ්‍යවේදීන්ට සිදුවන බලපෑම වළක්වා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නීති සම්පාදනය කරන බවත් ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන ‘ඇසි දිසි’ ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයට ඊයේ (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඇතැමුන් සමාර්ට් ජංගම දුරකථනයක් අතට ගෙන තමන් මාධ්‍යවේදියකු යැයි පවසමින් සිදුකරන ක්‍රියා හේතුවෙන් අවංකව, වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරමින් මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් අපහසුතාවට පත්වන බව ද ජනමාධ්‍ය රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා.

රාජ්‍ය ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ජනමාධ්‍යවේදීන් සඳහා වරලත් උපාධි ආයතනයක් ඉදිරියේදී ස්ථාපනය කරන බවත් එම ආයතනය මගින් මාධ්‍යකරණය සඳහා උපාධියක් ලබාගැනීමට හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES