24 C
Colombo
Tuesday, March 18, 2025

මනූෂගේ ලේකම්වරයෙකු යැයි කියමින් මුදල් වංචා කරලා

- Advertisement -

ඇමති මනූෂගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් විදෙස් රැකියාවන්ට මුදල් අය කළ ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය පැවසුවේ, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා ලබාදීම සඳහා ගාල්ල, බූස්ස හා වැලිගම යන ප්‍රදේශවල පදිංචි තරුණයින් දෙදෙනෙකුගෙන් සැකකරු රුපියල් ලක්ෂ 3 බැගින් මුදල් ලබාගෙන ඇති බවයි.

ඔවුන් දෙදෙනා ඒ සම්බන්ධයෙන් කළ පැමිණිලි අනුව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අදාළ පුද්ගලයා කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේ, දෙරට අතර ඇති කරගෙන තිබූ ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකරන අතර, ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ලබාගැනීම සඳහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ලබා නොදෙන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්...

POPULAR ARTICLES