26 C
Colombo
Wednesday, March 19, 2025

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

- Advertisement -

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 7 සිට දිවයින පුරා සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළා.

ඒ අනුව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් මෙම වැඩවර්ජනය සඳහා සහාය පළකර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ, අද උදෑසන 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා සංඛේත වැඩ වර්ජනයක නිරත වුවද හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන බවයි.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග සිය ගැටලුව සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු උපුල් රෝහණ මහතා කියා සිටියා.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, පෙරේදා පස්වරුවේ ආරම්භ කළ මෙම වැඩවර්ජනය හේතුවෙන් ලක්ෂ 10කට අධික ලිපි සහ පාර්සල් තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

රනිල්ට ඇයි මෙච්චර බය – තලතා අතුකෝරළ

භීෂණ සමයේ ඝාතනය වූ සියලු දෙනා වෙනුවෙන් පරික්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ පවසනවා. අද (18) මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය...

නිලධාරීන්ගේ පහරදීමකින් රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබෙනවා. අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටයි. අයිස්...

වැලිකන්ද හිටපු OIC අල්ලන්නැයි නියෝගයක්

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද (18) නියෝග කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES