25.2 C
Colombo
Thursday, November 28, 2024

සෞඛ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමින්

- Advertisement -

සෞඛ්‍ය පරිපාලකයන් විසින් තෝරාගත් රෝහල් කාර්ය මණ්ඩල සඳහා පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීම සිදුකරන්නේ නම් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය වෘත්තීය සමිති රජයට අනතුරු අඟවා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල ඇතැම් පරිපාලකයන් පසුගිය කාලයේ සෞඛ්‍ය සේවාවේ තෝරාගත් වෘත්තිකයන්ට පමණක් පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා මෙලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කරන ලෙසට උපදෙස් දී ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය වශයෙන් ඇඟිලි සලකුණු යන්ත්‍ර යෙදවීමට තීරණය කරන්නේ නම් තමන් ද ඊට සහාය දීමට එකඟවන අතර, එසේ එකඟතාව පළ කිරීමට නම් සෞඛ්‍ය සේවාවේ සමස්ත වෘත්තිකයන්ටම එම කොන්දේසිය බලපැවැත්විය යුතු බවයි එම බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ මෙම ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාසය තබා ඇති බවත්, මේ සම්බන්ධයෙන් මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ සිරුරු හමුවෙයි

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් නොවැම්බර් 26 වන දා සිදුවූ අනතුරින් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලිසිය...

POPULAR ARTICLES