30 C
Colombo
Tuesday, March 11, 2025

හරක් කටාට එරෙහිව ඇති නඩුවක සාක්ෂි විමසීම අරඹලා

- Advertisement -

තවත් පුද්ගලයෙකු සමග බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී ගිනි අවි පෙන්වා එම නිවසේ තිබූ රුපියල් විසි දහසක මුදලක් පැහැරගෙන යාම මෙන්ම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් පැහැරගෙන යාම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මේ වන විට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අයට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ ආරම්භ කෙරුණා.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම අනුව මෙම නඩුවේ පැමිණිල්ලේ පළවෙනි සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි බස් රථ හිමිකරුවකු වන අනුර පාලිත පෙරේරා යන අය අධිකරණයේ හමුවේ සාක්ෂි ලබා දුන්නා.

2005 ජුනි 10 වැනිදා තමා සිය නිවසේ පිටුපස පිහිටි ළිඳ අසල මුහුණ සෝදමින් සිටිනා අතරතුර ගේට්ටුව දෙසින් යම්කිසි ශබ්දයක් ඇසුණු බවත් තමා ඒ ගැන බලන විට පුද්ගලයන් දෙදෙනෙකු වත්තට ඇතුල් වී සිටිය අතර එහි සිටි එක් අයකු ගිනි අවියක් අත තබාගෙන තම හිසට එල්ල කර තමාව ගේ ඇතුළට රැගෙන ගොස් අල්මාරිය තුළ තිබූ රුපියල් විසිදහසක මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවත් සාක්ෂිකරු එලෙස සාක්ෂි ලබා දෙමින් අධිකරණයේ හමුවේ පැවසුවා.

එලෙස පැමිණිල්ලේ සාක්ෂි ලබා දීම අවසන් වීමෙන් අනතුරුව විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ වූ අතර පොලිස් සටහන් පොතේ ඡායාපිටපත් විත්තිය වෙත ලබාදීමට විනිසුරුවරයා පොලිසිය වෙත නියෝග කළා.

අනතුරුව වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම සඳහා මෙම නඩුව නැවත ලබන පෙබරවාරි මස 13 වන දින කැඳවීමට නියම කළ විනිසුරුවරයා විත්තියේ නීතිඥ අරුණ මදුශංක මහතාට නඩුව සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අවසරය ලබා දෙන දෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධ්‍යක්ෂකවරයා වෙත නියම කළා.

ඉදිරි නඩු දිනයේදී විත්තිකරු විධිමත් ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කෙරුණා

RECENT ARTICLES - SINHALA

කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට පියවර

කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ කර්මාන්තසහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්. කර්මාන්ත අංශයේ තාක්ෂණික, වෙළෙඳ, නිපුණතා හා පාරිසරික...

Breaking: බටලන්ද පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය...

බස් මොඩිෆයි කිරීම ගැන තීරණයක්

මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහන වල නිර්මාණය වෙනස් කිරීම සහ...

POPULAR ARTICLES