26 C
Colombo
Wednesday, March 19, 2025

චීනයට රිලවුන් යවන්නේ නැහැ – ආණ්ඩුව

- Advertisement -

නීතියට පටහැනි ආකාරයට මෙරට රිලවුන් චීන සමාගමක් වෙත අපනයනය කිරීමට පියවර නොගන්නා බවට රජය විසින් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදීමෙන් අනතුරුව ඊට එරෙහිව ගොනුකරන ලද පෙත්සමේ විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීමට රජය විසින් කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසරවේදීන් පිරිසක් විසින් පෙත්සමක් ගොනුකර කර තිබුණා.

අදාළ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා .

මෙම පෙත්සම මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කළේ, මෙරට රිලවුන් විදේශවලට අපනයනය කිරීමේ සූදානමක් නොමැති බවය.

පසුව එම ප්‍රතිඥාව අභියාචනාධිකරණය විසින් සටහන් කර ගෙන තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ දැනුම් දී ඇත්තේ රජය විසින් ලබා දෙන එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන අතර  අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවයි.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීන්දු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට ඇයි මෙච්චර බය – තලතා අතුකෝරළ

භීෂණ සමයේ ඝාතනය වූ සියලු දෙනා වෙනුවෙන් පරික්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ පවසනවා. අද (18) මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය...

නිලධාරීන්ගේ පහරදීමකින් රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබෙනවා. අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටයි. අයිස්...

වැලිකන්ද හිටපු OIC අල්ලන්නැයි නියෝගයක්

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද (18) නියෝග කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES