25 C
Colombo
Monday, December 23, 2024

ඊශ්‍රායලයෙන් දැඩි ප්‍රහාර – නාවික යාත්‍රා 15ක් විනාශයි

- Advertisement -

ඊශ්‍රායලය විසින් සිරියාවේ අල්-බයිඩා සහ ලටාකියා හි වරායන්ට ගුවන් ප්‍රහාර එල්ල කළ බව තහවුරු කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රහාරවලින් නාවික යාත්‍රා 15ක් සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවයි.

ප්‍රහාරවලින් වරායටද විශාල හානියක් සිදුව ඇති අතර සිරියාව වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර 350කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව සඳහන්.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසුවේ සිය රාජ්‍යයට තර්ජනයක් වන උපායමාර්ගික හැකියාවන් විනාශ කිරීම තම ඉලක්ක කරන බවයි.

සිරියානු බලඇණිය විනාශ කිරීමේ මෙහෙයුම ඉතා සාර්ථක බව ඔහු පවසා තිබෙනවා.

සිරියානු අගනුවර වන ඩැමස්කස්හි මෙන්ම හෝම්ස්, ටාටස් සහ පැල්මයිරා හි ගුවන් තොටුපොළවල, හමුදා වාහන, ගුවන් යානා නාශක අවි සහ ආයුධ නිෂ්පාදන ස්ථාන ඇතුළු පුළුල් පරාසයක ඉලක්ක වෙත පහර දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ගුවන් යානා භාවිතා කිරීමේ චෝදනාවට පාඨලීගෙන් උත්තර

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව...

තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා....

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමට

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමට යොමු කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින්. මැතිවරණ කොමිසම පැවසුවේ, පළාත් පාලන...

POPULAR ARTICLES

බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටී 10ක් මරුට – 17කට තුවාල

දකුණු බ්‍රසීලයේ - ග්‍රැමාඩෝ නගරයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 17 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...