31 C
Colombo
Sunday, April 27, 2025

අද හවසට ලොකු වැස්සක්

- Advertisement -

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

RECENT ARTICLES - SINHALA

මහනුවර පිරිසිදු කරපු නගර සභා සේවකයන්ට විශේෂ අවස්ථාවක්

මහනුවර නගරය පිරිසිදු කිරීමේ කටයුතුවල අඛණ්ඩව නිරත වූ මහනුවර නගර සභාවේ සේවකයන්ට අද (27) දින දළදා වහන්සේ වැඳපුදා ගැනීමට විශේෂ අවස්ථාවක් ලබාදීමට පියවර ගෙන...

සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ පිරිස සියයට 64 ඉක්මවලා

මෙවර පැවැති උසස් පෙළ විභාග ප්‍රතිපල අනුව සරසවි වරම් හිමිකරගත් සිසුන්ගේ සංඛ්‍යාව ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (27)...

නිල ඡන්ද පත්‍රිකා බෙදීම ගැන දැනුම්දිමක්

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (27) දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අද...

POPULAR ARTICLES