24.9 C
Colombo
Monday, November 25, 2024

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

- Advertisement -

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම පද්ධතිය අද උදෑසන 2.30 පමණ වනවිට මඩකලපුවට කී.මී. 500ක් පමන දුරින් ගිණිකොන දෙසින් පිහිටා තිබෙනවා.

එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකියි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර, වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවන බවයි පැවසෙන්නේ.

උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී.35-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වනජීවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු මාට්ටු

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිලධාරියෙක් අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසනවා. පොලිසිය සදහන් කරන්නේ,...

IMF එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමතිත් සතුටින්

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට තුන්දින වැඩමුළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අද (25) සිට තුන්දින වැඩමුළුවක් පැවැත්වෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධිර මහත්මිය සඳහන් කළේ, උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා එය...

POPULAR ARTICLES