31 C
Colombo
Wednesday, April 23, 2025

ප්‍රදේශ රැසකට අද තද වැසි

- Advertisement -

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි.

සබරගමුව, මධ්‍යම, ඌව,නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතිනවා. 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, අද  දින (08) දහවල් 12:12 ට නයිනමඩම, සඳලංකාව කුණ්ඩසාලේ, මහියංගණය සහ කල්මුණේ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ලබන බවයි.

RECENT ARTICLES - SINHALA

මහා පරිමාණ දූෂණ සිද්ධි 300ක් ගැන විමර්ශන

මහා පරිමාණ දූෂණ හා වංචා සම්බන්ධ පැමිණිලි 300ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා.  එහි අධ්‍යක්ෂ ජෙනරල් හිටපු...

අල්ලස් ගන්න ගිය ලංගමේ දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් චෝදනාවකට ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙක් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් නැගෙනහිර පළාත් ප්‍රාදේශීය...

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය...

POPULAR ARTICLES