මෙරට ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප වාර්තාවට හිමිකම් කීමට ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වැදුණු අමාත්‍ය විජිත හේරත් සමත් වී තිබෙනවා.
ඒ මනාප ඡන්ද 716,715 ක් ලබා ගනිමින්.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර, ඔහු 527,364 ක මනාප සංඛ්‍යාවක් ලබාගත්තා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය යටතේ තරග කරනු ලැබූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මනාප 655,289ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගණනක් ලබා ගත් අපේක්ෂිකාව බවට පත්වූවා.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරිය තැබූ වාර්තාව පැය කිහිපයක් යන්නට මත්තෙන් අලුත් කරමින් අමාත්‍ය විජිත හේරත් ඉතිහාසයේ වැඩීම මනාපලාභියාට හිමි වාර්තාව පිහිටුවනු ලැබුවා.
වෛද්‍ය නලින් ද ජයතිස්ස තුන් වැනි ස්ථානයට වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගත් අතර, ඔහු මනාප 371,640 ලබා ගත්තේ කළුතර දිස්ත්‍රික්කයට තරග කරමින්.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප 356,969ක් ලබා ගනිමින් නාමල් කරුණාරත්න සිව්වන ස්ථානයට පත්විය.
තවද, කේ. ඩී. ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග කරමින් මනාප ඡන්ද 316,951 ක් ලබා ගෙන පස්වැනි ස්ථානයට පත්වුණා.