22 C
Colombo
Wednesday, December 25, 2024

තැපැල් ඡන්දය පැවැත්වෙන දින ගැන නිවේදනයක්

- Advertisement -

2024 මහ මැතිවරණෙයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලූම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලීසියට අදාළ කාර්යාල සඳහා 2024 ඔක්තොම්බර් 30 සහ 2024 නොවැම්බර් 04 යන දෙදින සිදුකිරීමට නියමිතයි.

මීට අමතරව අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 2024 නොවැම්බර් 01 සහ 2024නොවැම්බර් 04 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබා දෙන ලකුණු කිරීමේ දිනය ලෙස 2024 නොවැම්බර් 07 සහ 2024 නොවැම්බර් 08 යන දෙදින නම් කර තිබෙනවා

මේ අතර තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම 2024.10.16 වන දින සිදුකරන අතර, තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.10.23 දින සිදුකෙරේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම 2024.10.26 වන දින සිදුකරන අතර,  නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා විශේෂ බෙදීමේ දින ලෙස 27,31 සහ 03 වන දින නම් කර තිබෙනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ අවසන් දිනය වන්නේ 2024.11.07 වනදායි.

ඒ අනුව උක්ත දින පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් දැනුම්වත් කිරීමට අදාළ වැඩ කටයුතු සංවිධානය කිරීමට සැලසුම් කර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා, සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දන්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 101ක් – 60ක් මරුට

2024 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 101ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණ කරනවා. ඒ අතරින් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස්...

මියන්මාර සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුරට

මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගසාගෙන ආ බෝට්ටුවේ සිටි මියන්මාර ජාතික සරණාගතයින් 103 දෙනා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන විත් තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක...

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES