2025 අයවැය යෝජනා 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඉන් අනතුරුව පෙබරවාරි 17 වැනිදා දෙවැනි වර කියවීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, අයවැය විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.