24 C
Colombo
Friday, January 24, 2025

T20 යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන තරඟ මෙන්න

- Advertisement -

මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන තරග මේ වනවිට තීරණය වී තිබෙනවා.

ඒ අනුව සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය එළැඹෙන 26වනදා ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා.

එමෙන්ම එම වටයේ ඔවුන් ක්‍රීඩාකරන දෙවන තරගය මෙම මස 29වනදා ඔස්ට්‍රේලියාව සමගින් ක්‍රීඩාකිරීමට නියමිතයි.

කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙනවා.

එහි ‘A’කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව එම කාණ්ඩයෙන් තරගකළ සත්කාරක මැලේසියාව හා බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම් පහසුවෙන් පරාජය කිරීමට සමත් වුණා.

කෙසේ නමුත් ඔවුන් ඉන්දියාවට එරෙහි තරගය පමණක් පරාජය වී එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

සුපිරි 6 වටය කණ්ඩායම් 6 බැගින් කණ්ඩායම් 12ක් කාණ්ඩ 2ක් යටතේ ක්‍රීඩාකරනු ලබනවා.

එම සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවන ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම්වලට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.

සුපිරි 6 වටයේ තරග හෙටින් (25) ආරම්භවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

පුවත් වාර්තා සමඟ අදානි ග්‍රීන් එනර්ජි කොටස් මිල පසුබෑමකට

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුළංබල ව්‍යාපෘතිය  අවලංගු කර ඇති බවට පළවන වාර්තා සමඟ අදානි ග්‍රීන්...

ගංවතුරට හේතුව කියන සිරිසේන

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් ව ඇත්තේ...

මන්නාරම සුළං බලාගාරය ගැන අදානි සමූහයෙන් නිවේදනයක්

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනු...

POPULAR ARTICLES