හෙට (29) සිට රෝල්ස්, එළවළු රොටි , බිත්තර රොටි, පරාට ඇතුළු කෑම වර්ගවල මිල රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපතිවරයා පැවසුවේ, කොත්තුවක මිල ද රුපියල් 10 කින් ඉහළ දමන බවයි
මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට, පාන් රාත්තලක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
තිරිඟු පිටි මිල ඊයේ දිනයේ සිට ඉහළ දැමීමට සමාගම් පියවර ගෙන ඇති අතර බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැයද මේවන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසන්නේ.
ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල හෙට (29) දිනයේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රකාශයක් සිදුකරන බව එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කරනවා.