ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ, විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් නිකුත් කළ චක්රලේඛයකින්.
ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වැනිදාට ලබාදෙනු ලබනවා.
අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් ගෙවන්නේ, 9 වැනිදායි.
අගෝස්තු මාසයේ පමණක් 7 වැනිදා ගෙවීම් කරන බව අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.