30 C
Colombo
Wednesday, January 15, 2025

අත්අඩංගුවට ගත් ජේලර්ගේ රාජගිරිය අවි ගබඩාව ගැන තවත් තොරතුරු මෙන්න

- Advertisement -

විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ගොත අසංක” නැමැත්තාට අයත් ආයුධ තොගයක් රහසිගතව සඟවාගෙන සිටි බන්ධනාගාර නියාමකවරයෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අත්අඩංගුවට පත්වුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ රාජගිරිය ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරිමේදී එම ආයුධ සොයා ගෙන තිබුණා.

පසුගියදා ජීව උණ්ඩ සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවන් 7 දෙනෙකු මාකොළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය වෙත යොමුකර තිබෙනවා.

ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත රාජගිරිය, මාදින්නාගොඩ ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින දෙමහල් නිවසක් පරීක්ෂා කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත පියවර ගෙන තිබුණා.

ඒ අනුව සිදුකළ වැටලීමේදී නිවසේ උඩුමහලේ තිබූ රහසිගත බංකරයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරින් සමත්ව තිබු අතර එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ ආයුධ රැසක් පොලීසිය විසින් සොයා ගත් බවට පැවසෙනවා.

මෙහිදී T-56 වර්ගයේ ගිනිඅවියක්, T-56 උණ්ඩ 300කට අධික ප්‍රමාණයක්, මිලිමීටර් 9 උණ්ඩ 50ක්, මයික්‍රෝ පිස්තෝලයක් මෙන්ම හෙරොයින්, ගංජා සහ කුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය භාරයට ගෙන තිබුණා.

නිවසේ හිමිකරුවූ 44 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් අතර සැකකරු අනාවරණය කර ඇත්තේ එම ආයුධ විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන “ගොත අසංක” නැමැත්තාට අයත් ඒවා බවයි.

පසුගිය කාලයේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිදුවූ අපරාධ රැසක් සඳහා මෙම ආයුධ යොදාගන්නට ඇතැයි ද විමර්ශන නිලධාරින් සැක පළකරනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර...

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට...

POPULAR ARTICLES