25 C
Colombo
Friday, November 1, 2024

මහින්දගේ ආරක්ෂාව ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවන සියලු වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දැනට සේවයේ නියුතු යුද හා නාවික හමුදා සෙබළුන්ට අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනෙකු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී ඇති බවයි.

ඒ අතර පොලිස් රියදුරන් 29 දෙනෙක් සිටින බවද අදාළ නිවේදනයේ සඳහන්.

1986 අංක 4 දරණ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් ඔහුට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප, කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව ලබාදෙන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම දැනට වාහන 03ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති බවත්, එම වාහන අතරට Mercedes Benz මෝටර් රථයක්,  Toyota Land Cruiser ජීප් රථයක් , Mercedes Benz වර්ගයේ තවත් ජීප් රථයක් ඇතුළත් බවත් එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 1950 ලබා දෙන බවත්, එම වාහන සඳහා රියදුරන් තිදෙනෙකු නිදහස් කර ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන්.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වනවිට කැබිනට් අනු කමිටුවක් ද පත් කර ඇති අතර, එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශයක් සිදු කර තිබුණා.

තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවූවත් යුද්ධය අවසන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්වත් සිතා බැලිය යුතු බවට ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

අලුත් පත් කිරීම්වලට කලින් අහන්න – මැතිවරණ කොමිසම

රජයේ ආයතනවල තනතුරු සඳහා යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට...

ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා  අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු...

රදැල්ලේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නුවරඑළිය - රදැල්ල කෙටි මාර්ගයේ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...