අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස පත්කර තිබෙනවා.
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙලෙස පත් කරනු ලැබුවා.