31 C
Colombo
Friday, October 25, 2024

පවුලක මාසික වියදම මෙන්න

- Advertisement -

මෙරට පවුලක මාසික වියදම රුපියල් 76,124 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යායන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ මෙම වසරට අදාළ දත්ත වාර්තා අනුව එම වියදම පෙන්නුම් කරන බවයි.

2022 වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට පවුල් වලින් සියයට 60කගේ මාසික ආදායම පහළ ගොස් ඇති බව ද අදාල වාර්තාවෙන් පෙන්වා දි තිබෙනවා.

මෙරට පවුලක මාසික වියදම පසුගිය වසරේ පැවතුණේ රුපියල් 63,820 ක් ලෙසයි.

එම වාර්තාවට අනුව, පවුලක මාසික වියදමෙන් සියයට 53 ක් එනම් රුපියල් 40,632 ක මුදලක් වැය කරනු ලබන්නේ ආහාර සපයා ගැනීම සදහා බවත්, ඉතිරි සියයට 47 එනම්, රුපියල් 35,492 ක මුදල වැය වන්නේ ආහාර නොවන අවශ්‍යතා සඳහා බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

එමෙන්ම, මෙරට පවුල්වල ආහාර නොවන අවශ්‍යතා සඳහා වැය කරන මුදලින් වැඩිම ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සදහා වැය කිරීමට සිදුව ඇති අතර එය ආහාර නොවන වියදම් වලින් සියයට 23 ක ප්‍රතිශතයක් බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහිව නඩුදාලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා ඉදිරි මහ මැතිවරණයට ගම්පහ...

පමුණුගම පොලීසියට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව...

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...