30 C
Colombo
Thursday, September 19, 2024

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙම

- Advertisement -

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ සඳහා පහත පියවර අනුගමනය කළ හැකියි,

https://eservices.elections.gov.lk යන මැතිවරණ ඉ-සේවා වෙබ් අඩවියට පිවිස එහි පුරවැසියන් සඳහා වන යොමුවෙන් ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු සෙවුම යන ඉ-සේවාව වෙත යොමුවිය යුතු වනවා.

එහිදී ජාතික හැඳුම්පත් අංකය යොදා ඒ අනුසාරයෙන් ලැබෙන තොරතුරු අතුරින් මැතිවරණය සඳහා ලියාපදිංචි තොරතුරු ජනාධිපතිවරණය – 2024 වෙත පිවිසිය යුතුයි.

එවිට 2024 ජනාධිපතිවරණය සඳහා භාවිතා වන නාමලේඛනයේ ඔබගේ ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු සඳහන් වන අතර එයට පහළින් ඔබගේ ජංගම දුරකතන අංකය ඇතුළත් කර ඡන්ද දැන්වීම් පත්‍රිකාව මුද්‍රණය මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රය බාගත කර ගැනීම සඳහා යොමුවිය හැකියි.

ඒ සමඟම ඔබගේ ජංගම දුරකතනයට කේතයක් ලැබෙන අතර, එම කේතය “Enter the code” යනුවෙන් දිස්වෙන ස්ථානයට ඇතුළත් කර ඔබගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව බාගත කර ගැනීමේ හැකියාව පවතිනවා.

ඡන්ද හිමියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම්පත අනිවාර්ය අවශ්‍යතාවක් නොවන අතර, 2024 ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් වලංගු හැඳුනුම්පතක් සහිත ඕනෑම ඡන්ද හිමියෙකුට තමාට වෙන්කර ඇති ඡන්ද පොළ වෙත ගොස් අනන්‍යතව සනාථ කිරීම ප්‍රමාණවත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 255ක්...

රාජ්‍ය නිලධාරින් 09දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටුවලා

දේශපාලනය අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරිමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිළධාරින් 19 දෙනෙකු පිළිබඳව පරික්ෂණ පැවැත්වෙන බවත් ඉන් රාජ්‍ය නිළධාරින් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටවු බවද...

කොහුවල ඝාතනයට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොහුවල ප්‍රදේශයේ හෝටල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (18) රාත්‍රී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යතුරුපැදිය සැපයූ බව කියන සැකකරුවන් දෙදෙනකු...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...