25.2 C
Colombo
Thursday, November 28, 2024

ඊළඟ ජනපති තෝරගන්නා ආකාරය මෙන්න

- Advertisement -

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තනතුරුවලින් ඉවත් වීමෙන් අනතුරුව ලබන බදාදා වනවිට තාවකාලික ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු පත්කර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරෙනවා.

ඉන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීමද පාර්ලිමේන්තුව හරහාම සිදුවනු ඇති.

මෙම තනතුරු පත්කර ගැනීම සම්බන්ධයෙන් සහ ඊට අදාල නීතිමය පසුබිය පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (11) මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා විසින් සිය අත්සන සහිත ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකළ විට ජනාධිපති ධුරය පුරප්පාඩු වන බවයි.

ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව බලයේ සිටින අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්විය යුතු බවත්, අගමැතිවරයාට එසේ කළ නොහැකි නම් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්විය යුතු බවත් සාලිය පීරිස් මහතා සඳහන් කරනවා.

වැඩබලන ජනාධිපතිවරයා පත්වීමෙන් මාසයක් ඉක්මයාමට ප්‍රථම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කළ යුතු අතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීමේ පූර්ණ වගකීම පාර්ලිමේන්තුව සතු වේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර යම් හෙයකින් එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමට නාමයෝජනා ලබා දුනහොත් මන්ත්‍රීවරුන් 113 කගේ කැමැත්ත ලබා ගන්නා අපේක්ෂකයා ඒ සඳහා සුදුසු වන බවද සාලිය පීරිස් මහතා සඳහන් කරනවා.

යම් හෙයකින් 50% කට වැඩි බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට යම් අපේක්ෂකයෙකු අසමත් වුවහොත් මනාප සළකා බැලීමට සිදුවන බවත්, ඡන්දදායකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් ඡන්දය ලබාදෙන අපේක්ෂකයාට අමතරව තවත් අපේක්ෂකයන් සිව් දෙනෙකුට මනාප ලකුණු කිරීමේ අවස්ථාව හිමිවන බවත් නීතිඥ සංගමයේ සභාපතිවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES