සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා එම පක්ෂයේ සහකාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ඇති දුර්වලතා අනුමත නොකරමින් තමන් සමඟි ජන බලවේගයට එක් වුවද එම පක්ෂයේ අන්තර්ගතය එජාපයට වඩා වෙනසක් නොමැති බව පෙන්වා දෙනවා.
ක්‍රියාකාරී තරුණයන්ගෙන් දක්ෂතා හා සුදුසුකම්වලට පක්ෂය තුළ සුදුසු තැනක් නොලැබීම හේතුවෙන් තමා මෙම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.