ගතවූ දි 04 තුළ අධිවේගී මාර්ගවලින් ඉපැයූ ආදායම රුපියල් මිලියන 173 ඉක්මවා ගොස් තිබෙනවා.
අලුත් අවුරුදු සමය හේතුවෙන් ගම් බිම් බලා යන ජනතාව වැඩි වශයෙන් අධිවේගී මාර්ගය භාවිත කිරීම මීට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව, දින 04 තුළ දී ලක්ෂ 5කට ආසන්න වාහන අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බව සඳහන්.
ඊයේ දිනයේ දී පමණක් වාහන එක්ලක්ෂ 9637ක් ගමන් කර ඇති අතර ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 39ක්.
ඉන් ලබා ඇති ආදායම රුපියල් කෝටි 10කට අධික වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව ආදායම 20%කින් ඉහළ යාමක්.