හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ අද (3) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.
අද (03) රාත්‍රී 7ට පමණ වෙළෙඳසැළක රැඳී සිටි අඹුසැමි යුවළක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.
තුවාල ලැබූ දෙදෙනාම ගාල්ල කරපිටිය රෝහලට ඇතුළත්කළ අතර, එහිදී පිරිමි පුද්ගලයා මෙලෙස මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.