26.8 C
Colombo
Wednesday, November 27, 2024

ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට හිංදි භාෂා පාඨමාලාවක්

- Advertisement -

ජනවාරි 10 දිනට යෙදී තිබූ ‘ලෝක හින්දි දිනය’ සැමරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා හින්දි ප්‍රවීණතා පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙහි ආරම්භක උත්සවය පැවති අතර එහි ප්‍රධාන ආරාධියතන් ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා සහ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සහභාගී වුණා.

ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් සේවාවන්හි නිලධාරීන් 70 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

මෙම උත්සවය අතරතුර, වැඩබලන මහ කොමසාරිස්වරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් යන මහත්වරුන්ගේ විශේෂ පණිවිඩ නිවේදනය කර තිබෙනවා.

ලෝක හින්දි දිනය වෙනුවෙන් සිය සුබපැතුම් පණිවුඩය මගින් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර ඇත්තේ හින්දි භාෂාවේ ජනප්‍රියත්වය සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය තුළ එම භාෂාව වැඩිවශයෙන් භාවිතා වන බවයි.

සාමයේ සහ දයානුකම්පාවේ භාෂාවක් ලෙස හින්දි භාෂාව වෙනත් රටවල් සහ ඔවුන්ගේ ජනතාව සමඟ ඉන්දියාව සම්බන්ධ කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව නියෝජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී මහත්මිය මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ලෝක හින්දි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය සඳහා හින්දි භාෂා පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු කිරීම පිළිබදව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී සිය සතුට පළ කළ බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

මෙම විශේෂ හින්දි පාඨමාලාව මගින් දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමටත් දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත් ඉවහල් වන බව ද ලේකම්වරයා මෙහිදී සදහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානියා දුන් ඇගයීම

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්රිස්ටලීනා ජෝර්ජිඒවා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඇය පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (27) ආරම්භ වනවා. ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී...

සමාජ මාධ්‍යයෙන් හිටපු රාජ්‍ය ඇමැතිට මඩ ගැසූ ව්‍යාපාරිකයාට සිරදඬුවම්

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමග යවන සුළු හඬපට වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාවට වරදකරු...

POPULAR ARTICLES