හමුදා පාලනයකට මඟ පෑදීමට අවශ්‍ය කඩාකප්පල්කාරී ප්‍රචණ්ඩත්වයන් ඇතිවන තැනට වැඩනොකරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා ඉතා සාමකාමී ව අපූරු අරගලයක් ගෙන යාම පිළිබඳව ඇය ජනතාවට ස්තූතිවන්ත වනවා.
ඒ සඳහා සංවිධානාත්මක කුසලතා භාවිතා කරන්න යනුවෙනුයි ඇය ඉල්ලා සිටින්නේ
කෙසේ නමුත් හිටපු ජනාධිපතිනිය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්‍රචණ්ඩත්වය ඇති වන තැනකට කටයුතු සිදු නො කරන ලෙස යි.