31 C
Colombo
Friday, November 15, 2024

නිරෝධායන නීති කඩකරමින් ‘හිරු මෙගාස්ටාර්’ ජයග්‍රාහිකාව කුරුණෑගල දක්වා රථ පෙළපාලියක (ඡායාරූප)

- Advertisement -

පසුගියදා නිමාවට පත්වූ ‘හිරු මෙගා ස්ටාර්’ වැඩසටහනේ ජයග්‍රාහිකාව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කුරුණෑගල දක්වා රිය පෙරහැරකින් ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම තරඟයේ ජයග්‍රාහිකාව වූ නවක රංගන ශිල්පිනී ඩිෂ්නි රාජපක්ෂ හා ඇයගේ නර්තන සහකරු නංවා ගත් රිය පෙරහැරක් මෙලෙස නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ගමන් කර ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

නිරෝධායන ඇඳිරිනීතිය අවසන් කළද තවමත් පළාත් අතර සංචරණ සීමා පනවා ඇති පසුබිමක ඇය බස්නාහිර පළාතේ සිට වයඹ පළාත දක්වා ගමන් කර තිබීම හා ඊට පොලීසියෙන් අවසර ලැබීමද විශේෂත්වයක්.

එමෙන්ම කිසිදු ආකාරයක පෙළපාලි, රැස්වීම්, පාගමන් යනාදිය තවදුරටත් තහනම් කර ඇති තත්ත්වයක් තුළ මෙලෙස ප්‍රධාන මාර්ගයක රිය පෙරහැරකින් ගමන් කිරීමට මෙම කණ්ඩායමකට හැකිවී තිබෙනවා.

රිය පෙරහැරේ ගමන්ගත් නවක නිළි ඩිෂ්නි රාජපක්ෂ හා ඇයගේ නර්තන සහකරු මුව ආවරණයක් හෝ නොපැලද විවෘත පරිසරයක ගමන් කරන ආකාරයද දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

හම්බන්තොටින් පාර්ලිමේන්තු එන අය මෙන්න

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 5ක්ද, සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන...

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ජාතික ජන බලවේගය - 788,636සමගි ජන බලවේගය - 208,249නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  -51,020ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 34,880 සර්වජන බලය...

කොළඹ – බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මෙන්න

කොළඹ  දිස්ත්‍රික්කයේ බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,318සමගි ජන බලවේගය - 9,246නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 1,654ශ්‍රී...

POPULAR ARTICLES