25.6 C
Colombo
Wednesday, April 2, 2025

නියෝජ්‍ය ඇමතිගෙ කතාවක් දැම්මාට ‘හිරු’ තවත් නාලිකාවකට නඩු දාලා

- Advertisement -

හිරු මාධ්‍ය නාලිකාව කුඩු බිස්නස් කර හදාගත් මාධ්‍යයක් බවට සහ හිරු මාධ්‍ය නාලිකාව සහ දුමින්ද සිල්වා යන අය සම්බන්ධයෙන් හෝ හිරු මාධ්‍ය නාලිකාව සම්බන්ධයෙන් අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ මින් ඉදිරියට විකාශනය කරවීමෙන් වළකින ලෙස නිව්ස් සෙන්ටර් ආයතනයේ වැඩ කරන පිරිසක් වෙත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒෂියා බ්‍රෝඩ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවෙට්) ලිමිටඩ් (හිරු) ආයතනය විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබද පනත යටතේ කරන ලද ඉල්ලීමක් සලකා බලමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ දුමින්ද සිල්වා යන අය පිළිබඳව රූපවාහිනී නාලිකාවක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් newscenterහි විකාශනය කිරීම මෙම පෙත්සමට හේතු වී තිබෙනවා.

මෙම පෙත්සම මඟින් නිව්ස් සෙන්ටර් ආයතනයේ අධ්‍යක්ෂ මංජුල බස්නායක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කර තිබෙනවා.

ඒ අනුව, අදාල ප්‍රකාශය විකාශය කිරීම මෙන්ම මෙන්ම මින් ඉදිරියට හිරු මාධ්‍ය නාලිකාව සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීම වලක්වාලන නියෝගයක් ද නිකුත් කර තිබෙනවා. මහේස්ත්‍රාත්ගේ නියෝගයේ සඳහන් වන්නේ මාර්ගගත ක්‍රම සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 (2) වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කරන බවයි.

මෙම කොන්දේසි සහිත ආඥාව ජනවාරි 23 වන දින දක්වා බල පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නම් සති දෙකක කාල සීමාවක් තුළදී අධිකරණය ඉදිරියේ පෙනී සිට කල යුතු බවත් එම නියෝගයේ සඳහන්.

එමෙනම්, මෙම නියෝගයට අවනත වී ඒ අනුව ක්‍රියා කළ යුතු අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් නීතිය යටතේ දඩුවම් විදීමට සිදුවනු ඇති බවටද මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය මඟින් අවධාරණය කර තිබෙනවා.

මාධ්‍ය ආයතනවලට එරෙහිව මෙම පනත භාවිත කරනු ඇති බවට පනත පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ දී මාධ්‍ය සංවිධාන චෝදනා කළා. මීට පෙර එලෙස මාධ්‍ය ආයතනවලට එරෙහිව නියෝග ගැනීම සඳහා මෙම පනත පාවිච්චි කළත් මාධ්‍ය ආයතනයක් තවත් මාධ්‍ය ආයතනයකට එරෙහිව මෙම පනත යටතේ අධිකරණයට ගිය අවස්ථාවක් වාර්තා වන්නේ පළමු වතාවටයි.

RECENT ARTICLES - SINHALA

මි.මී 100 ඉක්මවූ වැසි

දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ...

ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන...

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ සිටින පිරිස් වෙත රක්ෂණයක්

මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය...

POPULAR ARTICLES

දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක්

භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කිරීමට තීරණය කළ...

මි.මී 100 ඉක්මවූ වැසි

දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ...

ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන...