හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි, සමගි ජනබලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවයක් අද (10) මාලඹේ බස් නැවතුම්පොල අසලදී පැවැත්විණි.
ඒ විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුවයි.
එම අවස්ථාවට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති ෆිල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා, ඇතුලු මහජන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියහ.









