30 C
Colombo
Monday, April 28, 2025

හිරුණිකාගෙන් මධුරට අභියෝගයක්..!

- Advertisement -

තමා සිය නිවසේ රැඳී සිටින බවත් හැකිනම් සිය නිවස අසලට පැමිණෙන ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාට අභියෝග කර සිටිනවා.

ඒ අද දින ඇතුළුකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යාලයට එල්ල වූ කුණු බිත්තර ප්‍රහාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මධුර විතානගේ මහතා ඇතුළු 100ක පමණ පිරිසක් පැමිණ ඇත්තේ තමා ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට සිදුකළ විරෝධතාවයට එරෙහිව විරෝධය පෑමට බවත් ආරක්ෂක නිලධාරීන්වත් නොමැති තමාගේ නිවසට පැමිණියහොත් මධුර විතානගේ මහතාට සාකච්ඡා කළ යුතු දේ සාකච්ඡා කළ හැකි බවත් ඇය පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,

“දැන් දවසින් දවස අමාත්‍යවරුනුත් මාරු කරන එකේ මධුර විතානගේ මහතාට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා ඊළඟ ඇමති ධූරයකට හොඳ අවස්ථාවක් හදා ගන්න. එතුමා ඉස්සර කෝට්ටේ නගර සභාව නියෝජනය කරද්දි ජනතාව හිතුවේ උගත් බුද්ධුමත් මහත්මයෙක් කියලා. වියත් මගෙන් තමයි එතුමා ආවේ. ඒ වගේ චරිතකෙන් මේවා බලාපොරොත්තු උනේ.

මධුර අයියේ, ඔයා දුමින්ද සිල්වා නෙවෙයි, රෝහිත අබේගුණවර්ධන නෙවෙයි. තිස්ස කුට්ටිලා වගේ විහිලුවට ලක්වෙන බත් බැලයෙක් වෙන්න එපා ඔයා ලෝයර් කෙනෙක්. අපි හොඳ යාලුවෝ. ඔයා කරපු දේ ඔයාට සුදුසු දෙයක් නෙවෙයි. ඔයාට මාත් එක්ක මූණට මූණ මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඔය තත්ත්වෙට වැටෙන්න එපා.”

RECENT ARTICLES - SINHALA

බෝම්බ ප්‍රහාරයක් ගැන නඩුවකට මෛත්‍රීගෙන් සාක්ෂි ගනී

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය...

උසස් පෙළ ප්‍රතිථල ආව සිසුන්ට දැනුම්දීමක්

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව...

ගණිත අංශයෙන් A -3ක් ගත්ත 11 වසරේ රනුලි

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමෙන් පසු මෙවර අපොස උසස් පෙළ (2024)  විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවක් ගණිත අංශයෙන් ‘A ‘සාමාර්ථ තුනක්...

POPULAR ARTICLES

බෝම්බ ප්‍රහාරයක් ගැන නඩුවකට මෛත්‍රීගෙන් සාක්ෂි ගනී

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය...

පළාත් පාලන ආයතනවල ආණ්ඩුවක් නැහැ

කිසිදු පළාත් පාලන ආයතනයක ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් කියා දෙයක් නොමැති බව බස්නාහිර පළාත් හිටපු පළාත් පාලන නියෝජ්‍ය ධර්මසිරි නානායක්කාර මහතා පවසනවා. පළාත් පාලන...

උසස් පෙළ ප්‍රතිථල ආව සිසුන්ට දැනුම්දීමක්

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව...