30 C
Colombo
Monday, January 6, 2025

දුමින්දට එරෙහිව හිරුණිකාගෙන් පෙත්සමක්

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් මරණ දඬුවම ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබාදීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින්.

ඒ අනුව SC FRA 221/21 යන අංකය යටතේ අදාළ පෙත්සම ගොනු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය News 19 වෙත පැවසුවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට පසුගිය ජූනි 14 වනදා ජනාධිපති සමාව හිමිවිය. ඒ පොසොන් පොහොය දිනය නිමිත්තෙන්.

පසුව පසුගිය 16වනදා ඔහුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා වුණා. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය...

ලංකා ගුරු සංගමයෙන් අගමැතිනියට චෝදනා

උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් ලබා ගැනීමට නොහැකිව සිටින ලක්ෂයකට වැඩි ගුරු පිරිසකගේ ගැටලු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය නිසි මැදිහත්වීමක් සිදු නොකරන බවට...

සීදුව වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙක් මරුට

සිදුව, වෙලබඩ ප්‍රදේශයේදී පසුගිය 28 වැනිදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තිදෙනෙකු...

POPULAR ARTICLES