30 C
Colombo
Tuesday, September 10, 2024

හරීන් වෙනුවට හිරුණිකා පාර්ලිමේන්තුවට

- Advertisement -

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවට යැවීමට සූදානම් බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා.

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයත් සමඟ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහෝසිවී යනු ඇති.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවට යැවීමට සමගි ජනබලවේගය පක්ෂයට මීළඟට සිටින සුදුසුම පුද්ගලයා බැවින් එම තීරණය ගනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයට සහය දක්වන එක්තරා පෞද්ගලික නාලිකාවක හිමිකරුවෙකු ඊට එරෙහිව කටයුතු කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

කේප් ටවුන් සම්මුතිය පාර්ලිමේන්තුවට

ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන් සම්මුතිය) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවි තිබෙනවා. ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන්...

අරුන්දිකගෙන් පොලීසිය ප්‍රකාශයක් අරන්

රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන්  රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ (09) පැය 5කට අධික...

බලශක්ති නියාමනයට අලුත් ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඛනිජතෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, ද්‍රවීකෘත ස්වභාවික වායු සහ ලිහිසි තෙල් යන...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පහ ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු සැප්තැම්බර් 11 මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව...