ඊයේ (03) විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව කොළඹ මරදාන ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැනවදි ඇති බව වාර්තා වනවා.
හිරුණිකා මෙලෙස බැන වැදී ඇත්තේ පොලීසිය විසින් විරෝධතාකරුවන් ගමන් ගත් මාර්ගය අවහිර කරමින් යොදා තිබූ මිනිස් පලිය බිඳගෙන ඉදිරියට යාමට විරෝධතාකරුවන් උත්සහ කළත් එය වැළැක්වීමට විපක්ෂ නායකවරයා උත්සහ කළ අවස්ථාවේදීයී.
කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා එම අවස්ථාවේ දී පෙන්වා දී ඇත්තේ විරෝධතාකරුවන් එහිදී සාමාකාමීව විරෝධයේ යෙදිය යුතු බවයි.
පසුව මාධ්‍යය වෙත අදහස් දැක්වීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ ගත් අවස්ථාවේදී එහි සිටි විරෝධතාකරුවන් විසින් ඊට ඉඩ නොදී හූ තබමින් සියලු දේශපාලඥයින් පන්නා දැමුවා.