24 C
Colombo
Thursday, November 7, 2024

හොංකොං සික්සර්ස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

- Advertisement -

පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් වුණා.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණයි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී ලකුණු 76ක් රැස්කරමින් ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා වූ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 13කට මුහුණදෙමින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහරක් ඇතුළත්.

ඊට අමතරව නායක ලහිරු මධුසංක පන්දු 5කදී ලකුණු 19ක්ද, තරිඳු රත්නායක පන්දු 4කදී නොදැවී ලකුණු 16ක් රැස්කිරීමට සමත් වුණා.

මෙම තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට මීට වසර 17කට පෙර එනම් 2007 වසරේදී ශූරතාවක් දිනා තිබුණා.

ඊට අමතරව 1993 සහ 2004 වසරවලදී අනුශූරතාව ද දිනා තිබෙනවා.

හොංකොං ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය යටතේ 1992 වසරේ ආරම්භ වූ මෙම තරගාවලියට වසර 32කට (1992 සිට) වැඩි අතීතයක් හිමියි.

කෙසේ නමුත් 2017 වසරෙන් පසු මෙය පැවැත් වූ පළමු අවස්ථාව මෙය වන අතර මෙම තරගාවලියට කණ්ඩායම් 12ක් ක්‍රීඩා කළා.

RECENT ARTICLES - SINHALA

සඳුදා දිනෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්

මෙවර මහමැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණයි. මෙවර...

තැපැල් ඡන්ද සලකුණු කිරීමට විශේෂ දවස් දෙකක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙහි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වන විශේෂ දින දෙක අදින් (07) ආරම්භ වනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ...

කුණු ප්‍රශ්නෙට විසඳුම කොරියවෙන්

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...