මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා ඊයේ (02) රාත්‍රීයේ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
ඔහු පලායෑමෙන් පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව අද (03) උදෑසන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී රැඳවියා බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසන්නේ සැකකරු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇති බවයි.
- ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා
- රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා
- 2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්
- අමෙරිකාව අසරණ කළ ගිනි කුණාටුව
- ලයිට් බිල දැන්ම අඩු කරන්න බැහැ – බලශක්ති ඇමති