ඉදිරියේදී ඇතිවිය හැකි හදිසි ශල්‍යකර්ම සඳහා වෛද්‍ය උපකරණ සංරක්ෂණය කිරීම වෙනුවෙන් සාමාන්‍ය සැත්කම් කල්දැමීමට සිදුවන තත්ත්වයක් පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මාධ්‍ය අමතමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ ඉතිරිව ඇති වෛද්‍ය උපකරණ සහ ඖෂධ භාවිතයේදී හදවත් සැත්කම් වැනි ජීවිතාරක්ෂක සැත්කම් සඳහා ප්‍රමුඛත්වය දිය යුතුව ඇති බවයි.
නිර්වින්දන ඖෂධ, ඒ ආශ්‍රිත වෛද්‍ය උපකරණ, ප්‍රතිජීවක හිඟය සහ සංකීර්ණ අවස්ථාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ඖෂධ හිඟය සාමාන්‍ය වෛද්‍ය සැත්කම් කල් දැමීමට හේතු වී ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
රෝහල් විසින් මෙම සාමාන්‍ය සැත්කම් සඳහා මාස හයකට පෙර දින ලබා දී ඇති අතර, එම දිනයේ දී සැත්කම සිදු කරනු ඇතැයි රෝගියා විශ්වාස කරනවා. කෙසේ වෙතත් දැනට පවතින ඖෂධ හා උපකරණ හිඟයත් සමඟ ශල්‍යකර්ම සිදු නොකර රෝගීන් හරවා යැවීමට රෝහල්වලට සිදුව ඇති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
ඉන්දියානු ණය වලින් වැඩි බරක් තබා ගනිමින් අප ගමන් කර ඇති බව පෙනේ, එය අවසන් වන දිනය සහ වැඩසටහන පිටුපස ඇති පරිපාලන තොරතුරු අපි නොදනිමු.” පිළිකා නිවාරණ ඖෂධ ආනයනය කිරීමට අයවැයෙන් 40%ක් වෙන්කර තිබෙනවා. එම ආනයනයන් ප්‍රමුඛතාවය හඳුනාගෙන සිදු කළා දැයි අපි නොදනිමු,” ඔහු පැවසීය.