29 C
Colombo
Monday, November 18, 2024

පැරදුණු දෙන්නෙක් NPP ජාතික ලැයිස්තුවෙන් ආවේ කොහොමද ?

- Advertisement -

ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කළ මන්ත්‍රී ධූර 18 අතරට පෙර නම් කළ ලැයිස්තුවෙන් 16 දෙනෙක්ද මහා මැතිවරණයට තරග කළ ප්‍රමාණවත් ඡන්ද ප්‍රමාණයක් නොලැබුණු අපේක්ෂකයින් දෙදෙනෙක්ද ඇතුළත්ව තිබෙනවා.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු අබුබකර් ආදම්බාවා මහතාට සහ වන්නි දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු උපාලි සමරසිංහ මහතාට මෙලෙස ජාතික ලැයිස්තූ මන්ත්‍රී ධූර පිරිනමා තිබුණා.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 4 ක් ජාතික ජන බලවේගයට හිමි වූ අතර ඔවුන් සිව් දෙනාම සිංහල ජාතික අපේක්ෂකයින් වීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවේ නියෝජනයක් වෙනුවෙන් අබුබකර් ආදම්බාවා ව නැවත ලැයිස්තුවෙන් රැගෙන ඇති බව පැවසෙනවා.

එමෙන්ම, වන්නි දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 2 ක් ජාතික ජන බලවේගයට හිමිවූ අතර ඔවුන් දෙදෙනාම දෙමළ ජාතික අපේක්ෂකයින්  වීම හේට්තුවෙන් දිස්ත්‍රික්කයේ සිංහල ප්‍රජාවේ නියෝජනයක් වෙනුවෙන්  උපාලි සමරසිංහ මහතා වෙත මන්ත්‍රී ධූරයක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මැතිවරණයට තරග කළ පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා දැනුම් දුන්නා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා තවදුරටත් අවධාරණය කළේ ජාතික ලැයිස්තුවට නම් ඇතුළත් කර ඇති පුද්ගලයන්ගෙන් හෝ මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ජයනොගත් අපේක්ෂකයින්ගෙන් පමණක් මෙම පත් කිරීම සිදු කළ හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන අධිකරණ නියෝගයක්

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය...

ලොහාන් සහ බිරිඳ නැවතත් රිමාන්ඩ්

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ...

සුමන්තිරන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම එපා කියලා

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා වෙත පිරිනැමූ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඔහු...

POPULAR ARTICLES